Thursday, November 11, 2010

මී හරකා

මී හරකා යනු සතෙකි. කකුල් සතරකි. මඩේ ලගින්න‍ය කැමතිය.අං දෙකක් ඇත. තණකොළ කයි

අලියා (Wikipedia වෙතින්)


අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය ‍බොහෝ ඈත කාලය දක්වා දි‍වෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුග‍යේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.කැළේ යද්දී මෙම අලින්ගේ රූප සටයන් සි‍තෙහි ‍හොදින් කාවැදීම හේතු කොටගෙන ‍මොවුන් නැවත පැමිණි පසු මෙම රූප ගල් ලෙන්වල නිර්මාණය කරන්නට ඇත.
මිනිස් ඉතිහාසයේදී බල්ලන්, ගවයන් වැනි සතුන්ගෙන් පසු හීලෑ කරගත් ප්‍රයෝජනවත්ම සත්ත්ව වර්ගය වන්නේද අලි ඇතුන්ය.‍ මෙසේ අලි ඇතුන් හීලෑකරගත් ආකාරය පිළිබඳ කරුණු සඳහන් නොවන නමුත් සමහරුන්ගේ අදහස වන්නේ කුඩා කාලයේ මව මිය යාම නිසා අතරමං වූ අලි පැටියෙක් හෝදඩයම් සඳහා කැපූ වලවල් වල වැටුණු අලි පැටවුන් මිනිසුන් විසින් රැ‍ගෙන ඒම මගින් අලි හීලෑ කරගත් බවය. මෙම අලි ඇතුන් අතීතයේ සිටම බර වැඩ සඳහා මිනිසුන් විසින් යොදා ගන්නා ලදි

අලින්ගේ පරිණාමය

අලියා දැනට ගොඩබිමෙහි ජීවත් වන විශාලම සත්ත්වයා වේ. අලියාගේ මුල්ම මී මුත්තා ඌරෙකුට සමාන සතෙකු බව ද අදහසක් වේ. එමෙන්ම අද සිටිනවාට වඩා විශාල අලි ඈත අතීතයේ ජීවත් වූ බවට වන පොසිල සාක්ෂි තිබේ.හිම සහිත ප්‍රදේශවල ජීවත්වු මැමත් මෙවන් දැවැන්ත අලි වර්ගයකි. එමෙන්ම පෝනියෙකු තරම් වන කුඩා අලිද සිටි බවට පොසිල සාක්ෂි හමුවී තිබේ

අලින්ගේ ජීවන චර්යාවන්

අලියා අර්ධ ජලජ සත්ත්වයෙකි. එනිසාම දිනකට පැය කිහිපයක්වත් දියට බැස කාලය ගතකිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. අලින්ගේ සිරුරේ විශාල මාංශපේශී ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇති වේ. එම ශරීර උෂ්ණත්වය අඩු කරගත හැකි පහසු ක්‍රමයක් වන්නේ දියට බැස සිටීම හා දහවල් උණුසුම් අවස්ථාවලදී ක්‍රියාශීලී නොවී සිටීමය. අලින්ගේ දිය කෙළි වෙහෙසක් නොමැතිව බලා සිටිය හැකි තරම් සුන්දරය. චමත්කාරජනකය.

මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය